මන්මුනයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය වැඩිහිටි සම්මේලනය එක්ව සංවිධානය කළ 2026 වසරේ වැඩිහිටි දින සැමරුම, මන්මුනයි බටහිර ප්‍රාදේශීය ලේකම් නමසිවායම් සත්‍යානන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන්, 2026.10.13 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.FB IMG 1792387709797

20261019 110232

මෙම අවස්ථාව සංවිධානය කරන ලද්දේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධනය, සතුට සහ සමාජයට ඔවුන් ලබා දෙන දායකත්වය අගය කිරීමේ මෙන්ම, ඔවුන් කෙරෙහි ආදරය හා ගෞරවය පළ කිරීමේ අරමුණ ඇතිවය.

වැඩිහිටියන් විනෝද ගැන්වීම සඳහා විවිධ සංස්කෘතික වැඩසටහන් සහ සිත් ඇදගන්නාසුලු ක්‍රීඩා තරඟ පැවැත්වූ අතර, එම තරඟවල ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනමන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීතුමා, සමාජ සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය වැඩිහිටි සම්මේලනයේ විධායක සාමාජිකයින් සහ එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම අවස්ථාවට සහභාගී වී එය වර්ණවත් කළහ.

20261019 110345

20261019 110414

20261019 110443

20261019 110502

Scroll To Top